විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 10 දෙනාගේ වටයේ පළමු තරගය ලෙස සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (15 වැනිදා) නාග්පූර්හිදී පැවැති 2 වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කරගැනීමට නවසීලන්තය සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 18.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 79 ක් පමණි. මෙය ඔවුන් විස්සයි20 තරගයකදී ලැබූ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද වේ.
මින් පෙර 2008 වසරේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 76 කට දැවී යෑම ඉන්දීය කණ්ඩායමක් විස්සයි20 තරගයකදී ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වේ. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 30 ක් රැස්කළේය.
ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. මිචෙල් සන්ට්නර් ලකුණු 11 කට කඩුලූ 4 ක් සහ ඉෂ් සෝධි ලකුණු 18 කට කඩුලූ 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 126 ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කෝරි ඇන්ඩර්සන් පන්දු 42 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළේය.
ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ කඩුලූ රකින කී‍්‍රඩක ලූක් රොන්චි පන්දු 11 කදී නොදැවී ලකුණු 21 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 126
(කෝරි ඇන්ඩර්සන් 34, මිචෙල් සන්ට්නර් 18, ලූක් රොන්චි නොදැවී 21)
ඉන්දියාව - ඕවර 18.1 කදී සියලූ දෙනා දැවී 79
(විරාට් කෝලි 23, මහේන්ද්‍ර සිං දෝනි 30, මිචෙල් සන්ට්නර් 11/4, ඉෂ් සෝධි 18/3, නේදන් මැකලම් 15/2)
Wednesday, March 16, 2016
නවසීලන්තය දඟ පන්දුවෙන් ඉන්දියාව මෙල්ල කරයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment