ශ‍්‍රී ලංකා කාන්තා පිල පළමු තරගය පරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 16, 2016

ශ‍්‍රී ලංකා කාන්තා පිල පළමු තරගය පරදී

ඉන්දියාවේදී පැවැත්වෙන පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කාන්තා පිල සහ නවසීලන්ත කාන්තා පිල අතර දිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයෙන් නවසීලන්ත ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 

නවසීලන්ත පිල ලකුණු 111 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 15.5 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල සාර්ථක ආරම්භයක් ලබාගත්ත ද මැද පෙළ සහ පසු පෙළ සියලූම පිතිකාරියන් ආසාර්ථක වීම නිසා ලකුණු 110 කට සීමා වීමට සිදුවිය.

චමරි අතපත්තු (17), යශෝධා මෙන්ඩිස් (300 සහ ඩිලානි මනෝදර (37) හැරෙන්නට සෙසු කිසිදු පිතිකාරියකට ලකුණු දහයේ සීමා පසු කිරීමට නොහැකි වූවාය. ඩිලානි මනෝදර වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 37 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.

යශෝධා මෙන්ඩිස් පන්දු 30 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූවාය. යශෝධා මෙන්ඩිස් (30) සහ ඩිලානි මනෝදර (37) දෙවැනි කඩුල්ලට ලකුණු 43 ක සම්න්ධතාවක් පවත්වමින් ප‍්‍රබල නවසීලන්ත පන්දු යවන්නියන්නට අභියෝගයක් බවට පත්වූහ.

ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස චමරි අතපත්තු ලකුණු 17 ක් ලබා දැවී ගියාය. ශ‍්‍රී ලංකා පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය. ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව චන්දිලාර්හිදී මේ මස 20 වැනිදා පැවැත්වේ.

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා කන්තා පිල


චමරි අතපත්තු - ප. කැස්පෙරෙක්     17
යශෝධා මෙන්ඩිස් - ඇ. පිර්කිංන්ස් ප. සැට්ටෙර්ත්වයිට්    30
ඩිලානි මිනෝදර - දුවද්දී දැවී ගියා      37
ශෂිකලා සිරිවර්ධන - දුවද්දී දැවී ගියා    4
ඒෂානි ලොකුසූරිය - ප. තාහුහු    2
ඕෂදී රණසිංහ - ප. බාටිස්     2
ප‍්‍රසාදිනි වීරක්කොඩි - නොදැවී    7
අමා කාංචනා - ඇ. සහ ප. කැස්පෙරෙක්     4
උදේෂිකා ප‍්‍රබෝදනි - දුවද්දී දැවී ගියා     2
සුගන්දිකා කුමාරි - නොදැවී     1
අතිරේක    4
එකතුව  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී    110

පන්දුවට පහර නොදුන් පිතිකාරිය:
ඉනෝකා රණවීර 

කඩුලූ වැටීම:
1-39(අතපත්තු), 2-82(මෙන්ඩිස්), 3-88(මනෝදර), 4-92(ලොකුසූරිය), 5-93(සිරිවර්ධන), 6-96(රණසිංහ), 7-104(කාංචනා), 8-107(ප‍්‍රබෝදනි)

පන්දු යැවීම:
ලියා තාහුහු: 4-0-20-1, සොපි දෙවිනි: 2-0-13-0, මොර්නා නීල්සන්: 4-0-18-0, ලින්ග් කැස්පෙරෙක්: 4-0-19-2, අමි සැට්ටෙර්ත්වයිට්: 4-0-24-1, සුෂියි බාටිස්: 2-0-13-1

නවසීලන්ත කාන්තා පිල


සුෂියි බාටිස් - ප. සිරිවර්ධන     37
රචිල් ප‍්‍රීස්ට් - ස්ටම්ප් මනෝදර ප. රණවීර    28
සොපි දෙවිනි - දුවද්දී දැවී ගියා     7
සාරා මැග්ලෙෂන් - නොදැවී    21
අමි සැට්ටෙර්ත්වයිට් - නොදැවී    13
අතිරේක    5
එකතුව  ඕවර 15.5 කදී කඩුලූ 3 ක් දැවී    111
 

කඩුලූ වැටීම:
1-64(බාටිස්), 2-68(ප‍්‍රීස්ට්), 3-77(දෙවිනි)

පන්දු යැවීම:
උදේෂිකා ප‍්‍රබෝදනි: 2-0-10-0, ඒෂානි ලොකුසූරිය: 2-0-14-0, සුගන්දිකා කුමාරි: 2-0-8-0, අමා කාංචනා: 2-0-15-0, ඉනෝකා රණවීර: 4-0-27-1, ශෂිකලා සිරිවර්ධන: 2-0-21-1,  ඕෂදී රණසිංහ: 1.5-0-15-0    

No comments:

Post a Comment

Post Bottom Ad