ඒකාබද්ධ විපක්ෂය ලබන 17 වනදා පැවැත්වීමට නියමිත ‘‘ජන සටන’’ රැළියට අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එය එතුමාම මාධ්‍යට පවසා ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ. මෙහිදී තවත් පක්ෂ ගණනාවක නායකයින් රැසක්ම එම වේදිකාවට ගොඩවීමේ අපේක්ෂාවෙන් සිටින බවත් පැවසුවා.
මෙම රැළියට දින දෙකක් තිබියදී ප්‍රසන්න රණතුංග සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන් විදේශ ගතවීම පිළිබඳව පළවන අදහස් සම්බන්ධයෙන්ද උදය ගම්මන්පිල මහතා ප්‍රතිචාර දැක්වූවා. එය හුදෙක් මඩ ගැසීමේ අරමුණින් පමණක් සිදුවන්නක් බවත් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් ඇමතීමේ රැස්වීම් යොදාගෙන ඇති බැවින් ඔහුන් විදේශ ගත වී ඇති බවත් සඳහන් කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂය අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී හෙතෙම සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස හෙමින් හෙමින් මාරු වෙමින් ඇති බවයි. ප්‍රසන්න රණතුංග මහතාව උදාහරණයකට ගෙන ඔහු මේ බව සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වනවාට දිනේෂ් ගුණවර්ධන මහතා කැමතීදැයි දැනගැනීමට අවශ්‍ය බවත් සඳහන් කළා. මේ අතර කොළඹදී අද පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට සිය විරෝධය පළ කරන බවද ඒකාබද්ධ විපක්ෂය පැවසුවා. එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියා.
Tuesday, March 15, 2016
"17 රැළියට මහින්ද එනවා"
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment