ෆොන්සේකාගේ චෝදනා ගැන බැසිල් පිළිතුරු දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 13, 2016

ෆොන්සේකාගේ චෝදනා ගැන බැසිල් පිළිතුරු දෙයි

එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් දුන් බවට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සිදුකරන චෝදනාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ආසියානු රටකින් ලැබුණු ඩොලර් මිලියන 2ක් 2005 ජනපතිවරණය ජය ගැනීම සඳහා එල්ටීටීඊ සංවිධානයට මුදල් ලබා දුන් බවට  සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අසත්‍ය බව බැසිල් රාජපක්ෂ  මහතා සිය නීතිඥ සුසන්ත සේනාධීර මහතා මාර්ගයෙන් මාධ්‍යයට නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එහි දැක්වෙන්නේ අදාළ ප්‍රකාශයට අනූව 30 වසරක් පැවැති ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට සේනාධිනායකයා ලෙස එවකට ජනපති කළ කැපවීමද අවතක්සේරුවට ලක්කිරීමක් බවයි. 

ඒ අනූව තමාගේ සේවාදායකයා විසින් කිසිදු අවස්ථාවක දේශද්‍රෝහි ක්‍රියාවක් සිදුකර නැතැයි ද ත්‍රස්තවාදී නායකයා සමග කිසිදු ගනුදෙනුවක් කර නැතැයිද මෙම අපහාසාත්මක ප්‍රකාශය ගැන ඉදිරියේදි වැඩිදුර පියවර ගන්නා බවද එම නිවේදනයේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad