අස්ගිරි මහානාහිමි ශ්‍රි දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 13, 2016

අස්ගිරි මහානාහිමි ශ්‍රි දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරිමට නියමිත ය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට අස්ගිරි විහාරයට අයත් පවර උපාලී තෙරුන් අනුස්මණ ශාලාවේ තැන්පත් කර තිබේ. බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, මහනාහිමියන්ට ගෞරව දැක්වීමක් ලෙස අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ය.

ආදාහන පූජෝත්සවය වෙනුවෙන් අද පස්වරු 1.00 සිට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනයේ දිවයිනේ සියලු සුරා සැල් වසා තැබෙන බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad