ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට රජයෙන් දැනුම්දීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට රජයෙන් දැනුම්දීමක්

මේ වනවිටත් ලියාපදිංචි නොකර පවත්වාගෙන යනු ලබන පුවත් වෙබ් අඩවි මාර්තු මස 31 වැනිදාට පෙර ලියාපදිංචි කර ගන්නා ලෙස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය දැනුම්දීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාර්තු 31 වනදාට ‍පෙර අදාළ වෙබ් අඩවි ලියාපදිංචි කරන ලෙසත්, එසේ නොකර පවත්වාගෙන යන වෙබ් අඩවිවලට ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ නිල පිළිගැනීමක් නොලැබෙන බවත් අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් ‍තොරතුරු 011 - 251 3460 හෝ 011 251 3943 යන අංක‍වලින් හෝ www.media.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය දන්වා සිටියි.

දැනටමත් වෙබ් අඩවි රැසක් ලියාපදිංචි කර පවත්වාගෙන යන බව පෙන්වාදෙන අමාත්‍යංශය ලියාපදිංචි කිරීමකින් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවි ද ජනමාධ්‍ය ආචාර ධර්ම රැකෙන පරිදි කටයුතු කළ යුතු බවට අවධාරණය කර සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad