තේ කම්හලක් ගිනිබත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

තේ කම්හලක් ගිනිබත් වෙයි

පේරාදෙනිය මහකන්ද මෝබ්‍රේ තේ කර්මාන්ත ශාලාවේ අද (03) ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එය සම්පූර්ණයෙන් විනාශයට පත් ව තිබේ.

අදාල ගින්න ඇති වූ අවස්ථාවේ එහි මුරකරුවෙක් පරණක් රැඳී හිඳ ඇති බව වාර්තා වේ. පෞද්ගලික කර්මාන්ත ශාලාවක්වන එහි ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් තේ තොගයක් සහ ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර සියල්ලම සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

සිදු වූ හානිය කොපමණ ද යන්න මෙතෙක් තක්සේරු කර නොමැත. විදුලිය කාන්දුවීමකින් මෙම ගින්න හටගෙන ඇති බවට සැක කරන අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පේරාදෙණිය පොලීසිය විසින් සිදු කරයි.

මහනුවර - කමල් සුරවීර 

No comments:

Post a Comment

Post Bottom Ad