විදුලි කැපීම අවසන් - ලංවිම අදත් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

විදුලි කැපීම අවසන් - ලංවිම අදත් කියයි

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (17) පස්වරුවේ සිට යළි සකි‍්‍රය වී ඇති හෙයින් මේ වන විට දිවයිනටම අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් නොරොච්චෝලේ සිට මේ වන විට ජාතික පද්ධතියට මුදාහැරෙන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට හැකියාව උදා වූ බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

ඊයේ (17) දිනයේ සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදෙන බවට ද මෙයට පෙර ප‍්‍රකාශ කර තිබුණ ද ඊයේ දිනයේත් විසන්ධි කි‍රීමෙන් තොරව දිවයිනටම විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලයට නොහැකි විය.

No comments:

Post a Comment

Post Bottom Ad