විශ්වවිද්‍යාල සංවර්ධනයට නව ව්‍යාපෘති 9ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

විශ්වවිද්‍යාල සංවර්ධනයට නව ව්‍යාපෘති 9ක්

වසර 2016 – 2019 යන කාලපරිච්ජේදය ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, රජරට සහ කොළඹ විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලයන්හි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 09 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම ව්‍යාපෘති සියල්ල සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1706.9 කි. මෙම ව්‍යාපෘතීන්හි අරමුණ මෙරට ආර්ථිකය තුළ පවතින සංවර්ධන අවශ්‍යතාවන්ට සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට උචිත වෘත්තීයමය හා දක්ෂ උපාධිධාරීන් පිරිසක් බිහි කිරීම බව අමාත්‍යංශය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad