මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් 

අද (19) සිට ලබන 22 වැනි දා පස්වරු 04.30 පමණවන තෙක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයකට මුහුණ දීමට සිදු විය හැකි බව කොළඹ දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

කොටුව හා ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන අලුත්වැඩියාවක් හේතුවෙන් එම ප්‍රමාදය සිදු වේ. කොටුව හා ගල්කිස්ස අතර එක් මංතීරුවක පමණක් දුම්රිය ධාවනය කිරීමට සිදුවීම ඊට හේතුව බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ඇතැම්විට කොටුව ගල්කිස්ස අතර කෙටි ගමන් සේවා අත්හිටුවීමට ඉඩ ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
කෙසේ වුව ද දුර ගමන් සේවා දුම්රියන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට පියවර ගැනෙනු ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad