පොහොර ගන්න 04 වැනි දා සිට මුදල්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

පොහොර ගන්න 04 වැනි දා සිට මුදල් 

අප්‍රේල් මස 04 වැනි දා වනවිට පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට මුදල් ලබාදෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම මුදල් එදිනට සියලු බැංකු සඳහා නිකුත් කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනිල් විරසිංහ මහතා ප්‍රකාශ කරයි. මුදල් ලබාදිම සඳහා ඉඩම් හිමිකරුවන්ගෙන් අයැදුම්පත්වලට තොරතුරු ලබා ගැනිම 80% ක් පමණ මේ වනවිට අවසන් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ මස 24 වැනි දා වනවිට බැංකු සඳහා සියලු තොරතුරු ලබාදීම සිදු කරන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය. මීට පෙර ලබාදුන් පොහොර සහනාධාරය වෙනුවට පොහොර ලබා ගැනීම සඳහා මුදල් ලබාදීමට රජය තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad