ලංවිම නිලධාරීන් සහ ඇමති අතර සාකච්ඡාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ලංවිම නිලධාරීන් සහ ඇමති අතර සාකච්ඡාවක්

ලංකා විදුලි සේවක සංගමයේ නිලධාරීන් සහ විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදුලිබල අමාත්‍යාංශයේ දී අද (19) එම සාකච්ඡාව පැවැති බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. වාර්තමානයේ උද්ගත වී ඇති ගැටළු සම්බන්ධයෙන් එහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

එම ගැටළු විසඳා ගැනීම සඳහා සේවක සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව ලංකා විදුලි සේවක සංගමයේ නිලධාරින් ප්‍රකාශ කළ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක් වේ.

විදුලිබල මණ්ඩලය නගාසිටුවීම සඳහා කෙටි කාලීන සහ දිගුකාලීන යෝජනා රැසක් රංජන් ජයලාල් මහතා ප්‍රමුඛ ලංකා විදුලි සේවක සංගමයේ නිලධාරින් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
එම යෝජනා පිළිබඳ ක්‍රියාකාරි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා අදාළ නිළධාරින්ට ප්‍රකාශ කළ බව විදුලිබල හා පුනර්ජනනිය අමාත්‍යාංශය සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad