මාලදිවයින් ඇමතිවරුන්ගෙන් කප්පම් ගැනීමේ උත්සාහය වරදී - දෙහිවලදී දෙදෙනෙකු කොටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

මාලදිවයින් ඇමතිවරුන්ගෙන් කප්පම් ගැනීමේ උත්සාහය වරදී - දෙහිවලදී දෙදෙනෙකු කොටු

මාලදිවයිනේ ඇමතිවරු පස් දෙනකු ඇතුළු එරට ප්‍රකෝටිපතියන් පනහකට අධික පිරිසකගේ නිරුවත් දර්ශන ළඟ තබාගෙන ඒ අය බිය ගන්වා කප්පම් ගත් මාලදිවයින් ජාතික තරුණයන් දෙදෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණයක් පවත්වයි.

මාලදිවයිනේ වාහන අපනයනයේ නිරත එරට කෝටිපති ව්‍යාපාරිකයෙක් මෙරටට පැමිණ කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී දෙහිවල ප්‍රදේශයේ හෝටල් කාමරයක රැඳී සිටි මාලදිවයින් ජාතික තරුණයන් දෙදෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් හරහා එම ව්‍යාපාරිකයා තරුණියන් හා සම්බන්ධ වී ඇති අතර ඒ දෙදෙනා වරක් ස්කයිප් හරහා වෙබ් කැමරාව ඉදිරියේ නිරුවතින් සිට ඇති බව සඳහන්ය. ව්‍යාපාරිකයා එසේ වෙබ් කැමරාව ඉදිරියේ නිරුවතින් සිටි ආකාරය අන්තර්ජාලය ඔස්සේ පටිගතකර එම දර්ශන ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර ව්‍යාපාරිකයාගෙන් එරට මුදලින් රුපියල් මිලියනයක් ඉල්ලා ඇත. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටියකි.

කප්පම් මුදල අන්තර්ජාලය හරහාම ඉල්ලා ඇති අතර අන්තර්ජාලයට කප්පම්කරුවන් සම්බන්ධ වන්නේ ලංකාව හරහා බව දැනගත් ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ‍පොලිස් මූලස්ථානයට දැනුම්දී තිබේ. මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඉදිරිපත් කර ඇත.

දුරකථන ජාල පරීක්ෂාවක් හරහා කප්පම් ඉල්ලා තර්ජනය කරන පුද්ගලයන් රැඳී සිටින ස්ථානය අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය දෙහිවල හිල් වීදියේ පිහිටි හෝටලයක් වටලා පාකිස්තානු තරුණයෝ දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
 

ඔවුන් සතු ලැප්ටොප් පරිගණක පරීක්ෂා කිරීමේදී අදාළ ව්‍යාපාරිකයාගේ මෙන් තවත් පිරිසකගේ නිරුවත් දර්ශන රැසක් ගබඩාකර තිබි ඇති අතර ඒ සියලු දෙනාම මාලදිවයින් ජාතිකයෝ බවද හෙළිවී තිබේ. ඒ අය අතර මාලදිවයිනේ ඇමතිවරු පස් දෙනෙක් සිටින බව හඳුනාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී මාලදිවයින් ‍පොලීසියේද සහය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad