විදුලිබල කප්පාදුවේ යටගියාව ගැන ඇමති චම්පික හෙළිකරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

විදුලිබල කප්පාදුවේ යටගියාව ගැන ඇමති චම්පික හෙළිකරයි 

විදුලිබල පද්ධතිය පාලනය කරන්නේ ආණ්ඩුව හෝ ඇමතිවරු නොවන බවත් එය පාලනය කරන්නේ උගත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මීට සුළු මොහොතකට පෙර පැවති හෝමාගම මහා නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
කෙසේ වෙතත් මුළු රටේම විදුලිය අඩපන වීමට හේතුවක් නොමැති බවත් වසර 6ක් විදුලිය අඩපන වීමක් සිදුනොවී එක්වරම මාස 6ක් තුළ එවැනි දෙයක් සිදුවීම ගැටලු සහගත බවත් අමාත්‍යවරයා පැවසී ය.

බාල විදුලිබලාගාර ඉදිකර ප්‍රකෝටි ගණන් හොරකම් කළ අය අද විදුලි කප්පාදුව ගැන කතා කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ධනය කොල්ලකාපු අය විදුලි කප්පාදුව ගැන කතා කිරීම ලොකුම දේශපාලන විහිළුව බවට පත් ව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. 

වත්මන් විදුලි අර්බුදය ගැන 1980ගණන්වල දැකපු අය ඒ සඳහා විදුලි බලාගාර ඉදිකළ යුතු බවට යෝජනා කළ නමුත් එක විදුලි බලාගාරයක් ඉදි කිරීමට ඉඩ නොදුන් බවත් 1988 අවශ්‍ය බලාගාරය ඉදිකළේ 2010දී බවත් ඊට හේතුව විරෝධතා දේශපාලන බවත් ඒ නිසා විදුලිබල මණ්ඩලයට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවූ බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

පසුගිය වසර 10තුළ විදුලි ඇනහිටීම් 4ක් සිදු වී ඇති බවත් ස්වභාවික හේතු නිසා විදුලිය ඇනහිටියත්, රටේම විදුලිය ඇනහිටීමට හේතුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. 2009 අප්‍රේල් මස විදුලි ඇනහිටීමකට ලක්වූ අතර ඊට පසු වසර 6ක් කිසිදු විදුලිය විසන්ධි වීමක් සිදු නොවූ බවත් පසුගිය මාස 6තුල 3 වතාවක් විදුලිය ඇනහීමටකට ලක්වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad