ගෝඨා සහ සෙබළ මරණයක් ගැන ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

ගෝඨා සහ සෙබළ මරණයක් ගැන ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ හමුදාවේ සිටින සමයේ දී සිදු වූ සෙබළ මරණයක් පිළිබඳව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අතරතුර දී ය.හිටපු ආරක්ෂක ලේකම්වරයා සිංහ රෙජිමේන්තුවේ සිටින කාලයේ දී සෙබළ කණ්ඩායමක් රැගෙන වනාන්තරයට ගිය බවත් එය යුද්ධය සඳහා සම්බන්ධ ගමනක් නොවන බවත් ෆොන්සේකා මහතා පැවසුවේ ය.

එහි දී එක් සෙබළෙකුට පපුවේ අමාරුවක් සෑදී රෝගී වූ අවස්ථාවේ දී එම සෙබළාව බිම දිගේ ඇදගෙන යන ලෙස රාජපක්ෂ මහතා අනෙක් සෙබළුන්ට අණ කළ බවත් එසේ ඇදගෙන යන අතරතුර දී ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ රෝගී සෙබළාට පයින් පහර දෙමින් ගමන් කළ බවත් හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් හෙළිදරව් කළේ ය.

අවසානයේ රෝගී වූ සෙබළා මියගිය බවත් එහි දී කෝපයට පත් වූ අනෙක් සෙබළුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පහර දුන් බවත් පැවසූ ෆොන්සේකා මහතා, මෙවන් සිදුවීමක් සිදුවුවහොත් එයට සම්බන්ධ නිලධාරියෙකුගේ හමුදා ජීවිතය එතැනින් අවසාන විය යුතු නමුත් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන බලපෑම මත ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරටත් යුධ හමුදාව තුළ රැඳී සිටි බවත් ප්‍රකාශ කළේ ය.

තමා හෙළිදරව් කළ මෙම සිදුවීම බොරු නම් ජන මාධ්‍ය ඉදිරිපිට දී ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බවත්, මෙම චෝදනා ඔප්පු කිරීමට තමා සතුව සාක්ෂි පවතින බවත් හිටපු හමුදාපතිවරයා අවධාරණය කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad