පෙරලුන ලොරියේ බියර් ගන්න මහ සෙනගක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

පෙරලුන ලොරියේ බියර් ගන්න මහ සෙනගක්

බදුල්ල - නුවරඑළිය මාර්ගයේ බෝගහමලිත්ත ප්‍රදේශයේ දී අද (17) පෙරවරුවේ කොළඹ සිට බදුල්ල දක්වා බියර් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් වේගය පාලනය කරගත නොහැකි ව අනතුරට ලක් වී තිබේ.


එම ලොරියේ රියැදුරු සහ සහායට සිටි පුද්ගලයා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත. එහි තිබූ බියර් තොගය විනාශ වී ඇති බවත් ප්‍රදේශවාසීන් පැමිණ බියර් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන ගිය බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

බදුල්ල පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක 

No comments:

Post a Comment

Post Bottom Ad