ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්‌ථානය අද සිට සටන අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්‌ථානය අද සිට සටන අරඹයි

කොල්කටා ඊඩ්න් ගාර්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව 2016 විස්‌සයි විස්‌ස ලෝක කුසලාන පළමු මෙහෙයුම අද (17) ඇෆ්ගනිස්‌ථානය සමග ආරම්භ වේ. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

දිනේෂ් චන්දිමාල්, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, චාමර කපුගෙදර, ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, රංගන හේරත්, සුරංග ලක්‌මාල්, සචිත්‍ර සේනානායක, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක සහ ලසිත් මාලිංග

ඇෆ්ගනිස්‌ථාන් කණ්‌ඩායම

අස්‌ගර් ස්‌ටැනෙක්‌සායි (නායක), අමීර් හම්සා, දවලට්‌ සෙදරන්, ගුල්බදින් නබී, හමීඩ් හසන්, කරීම් සාදික්‌, මොහොමඩ් නාබි, මොහොමඩ් ශේෂාඩ්, නර්බුල්හා සදරන්, නූර් අලී සදරන්, රෂීඩ් ඛාන්, සමිඋල්හා සෙනවරි, සෆිකුල්හා, සපූර් ශෙදරන්, උස්‌මන් ගානි, මිර්වායිස්‌ අස්‌රෆ්, නජීබ් තජිකායි, රුක්‌ඛාන් බරක්‌ෂායි, යමින් අහමඩ් ෂායි.

විස්‌සයි විස්‌ස ලෝක ශූරයන් ලෙස මීට දෙවසරකට පෙර දැරූ කිරුළ රැක ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදීන් බවට පත් ව තිබෙන ඇෆ්ගනිස්‌ථානය මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාරම කණ්‌ඩායම බවට පත් ව තිබේ. හිටපු ලෝක ශූරයන් ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලබා තිබුණ ද වත්මන් විස්‌සයි විස්‌ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇෆ්ගනිස්‌ථානය ශ්‍රී ලංකාවට වඩා පියවරක්‌ පමණක්‌ පසුපසින් පසු වේ.

පසුගිය මාස කිහිපයේ දී විස්‌සයි විස්‌ස තරග රටාවේ දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය අභිබවා පරාජයන් ඉස්‌මතුවීම හේතුවෙන් විස්‌සයි විස්‌ස ශ්‍රේණියේ පළමු තැන සිට අටවැනි තැන දක්‌වා ශ්‍රී ලංකාවට පල්ලම් බැසීමට සිදු විය. මේ වනවිට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 109 ක්‌ ලබා තිබෙන අතර නව වැනි ස්‌ථානයේ පසුවන ඇෆ්ගනිස්‌ථානය ප්‍රසාද ලකුණු 80 ක්‌ ලබා බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන ටෙස්‌ට්‌ රටවල්වල් අභිබවා පෙරමුණට පැමිණ තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad