නව මහානායක තේරීමේ කාරක සංඝ සභාව අනිද්දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

නව මහානායක තේරීමේ කාරක සංඝ සභාව අනිද්දා

අස්ගිරි මහානායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධුරය සඳහා සුදුසු හිමිනමක් තෝරා ගැනීමේ මූලික සාකච්ඡා සහ තීරණ ගැනීම සඳහා අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව ලබන ඉරිදා (20) රැස්වීමට නියමිත බව වාර්තා වේ.

අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සඳහන් කළේ එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ගුණරතන නාහිමියන්ගේ සහ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී 20 වන ඉරිදා පස්වරු 04 ට මහා විහාරීය කාරක සංඝ සභාව රැස්වීමට නියමිත බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad