මෙරට ජාතික පුෂ්පය වෙනස් කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙතෙක් ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල පිළිගත් අතර ඒ වෙනුවට මානෙල් මල ජාතික පුෂ්පය ලෙස හඳුන්වාදී ඇත.
ඒ සඳහාවන කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බවයි ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂිකා පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කරන්නේ. නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන්වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳ විවිධ සංවාද ඇතිව තිබූ අතර විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා වී තිබේ.
භාවිත වූ නිල් මානෙල් මල විදේශීය පුෂ්පයක් ද වන අතර, සුදු හා ලා නිල් පැහැති පෙතිවලින් සමන්විත වත්මන් ජාතික පුෂ්පයවන මානෙල් මල මෙරටට ආවේනික බව සඳහන් වේ. වියළි කලාපිය ජලජ පරිසරයන්හි ව්‍යාප්තවන මානෙල් මලෙහි රේණු සංඛ්‍යාව අඩු බවත් මේ පිළිබඳව පාසල් සිසුන් හා සමාජය දැනුවත් කිරීම සදහා පුළුල් වැඩසටහන් සකස් කරන බවත් ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් පවසා තිබේ.

No comments:
Post a Comment