ඊයේ (13) පස්වරු 1.45ට පමණ බියගම, දෙනිමුල්ල උපපොළ බලාගාරයේ පිපිරුමක් සිදු වී ඇති බවත්, දිවයින පුරා විදුලි බිඳවැටීම සිදු වූයේ ඒ සමඟ බවත් වාර්තා වේ.
බියගම දෙනිමුල්ල උපපොළ බලාගාරය මගින් මෙරට විදුලි උපපොළ සඳහා විදුලිය බෙදාහැරීම සිදුවේ. විදුලිය බිඳවැටීමට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම්, ඊට වගකිවයුතු සියලු දෙනාට තරාතිරම නොතකා දැඩිව නීත්‍යානුකූලව පියවර ගන්නා බව විදුලිබල අමාත්‍යවරයා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ ය.
අද (14) උදෑසන 10.00ට විදුලි බල අමාත්‍යංශයේ දී විශේෂ කමිටු 3ක් රැස් වී විදුලිය බිඳවැටීමට බලපෑ හේතු පිළිබඳව විමර්ෂනයක යෙදෙන බවත් දහවල් 12.00ට අග්‍රාමාත්‍යවරයා හමුවී ගැටළුව පිළිබඳ සාකච්ඡා සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.

No comments:
Post a Comment