දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීමත් සමග හදිසි මාධ්‍ය හමුවක් කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රංජිත් සියඹලාපිටිය මහතා පියවර ගත්තේ ය.
අද (13) දින සිදු වූයේ වසර 20ක් තුළ සිදු වූ බරපතලම විදුලි බිඳවැටීම බවත් මේ සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර නිශ්චිත විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දී අවධාරණය කර ඇත.
ආසන්නතම කාලය තුළ දෙවතාවක්ම විදුලිය බිඳ වැටීම් සිදු වූ අතර එමඟින් පාරිභෝගිකයන් මුහුණ පෑ දැඩි අපහසුතාවය පිළිබඳ කනගාටුවට පත්වන බවත් ඒ සඳහා සමාව අයැද සිටින බවත් සියඹලාපිටිය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
හෙට උදෑසන වන විට මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමට පත් කළ කමිටු සහ අදාළ පාර්ශව කැඳවා පුළුල් විමර්ශනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත.

No comments:
Post a Comment