ශෂිකලාටත් ගෙදර එන්න වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ශෂිකලාටත් ගෙදර එන්න වෙයි

ඉන්දියාවේදී පැවැත්වෙන පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා කාන්තා පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධනට ලෝක කුසලාන තරගාවලිය අහිමිවී තිබේ.

ශෂිකලා මස් පිඩු ඉරීමේ ආබාධයකට ලක්ව සිටින අතර ඇයගේ ආබාධය තරමක දරුණු තත්ත්වයක පවතින බව වාර්තා වේ. ඇය ශල්‍යකර්මයකට ලක්කිරීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව දැනගන්නට තිබේ.

ඇයගේ වම් පාදයේ මස් පිඩු අභ්‍යන්තරයෙන් සෙන්ටිමීටර 5 ක් පමණ ඉරීගොස් ඇති බවත් එය සුවකිරීමට ශල්‍යකර්මයකට ලක්කිරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ. ශෂිකලා පසුගිය 17 වැනිදා ස්කෑන් පරීක්‍ෂණයකට පෙනී සිටි අතර එහි වාර්තාවට ලකුණු ඇයට මාස කීපයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවී තිබේ.

ඉන්දීය පිලට එරෙහිව බැංගලෝර්හිදී පසුගිය 12 වැනිදා පැවැති පුහුණු තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ශෂිකලා ආබාධයට ලක්වූවාය. ඇය ආබාධිත තත්ත්වයෙන් නවසීලන්ත පිලට එරෙහිව පසුගිය 15 වැනිදා පැවැති පළමු තරගයට ද සහභාගි වූවාය. එහිදී ශෂිකලා ලකුණු 4 කට දැවී ගිය අතර ලකුණු 21 කට කඩුල්ලක් දවා ගත්තාය.

ශ‍්‍රී ලංකා කාන්තා පිලේ කළමණාකාරිනි වැනේසා ද සිල්වා මහත්මියගෙන් කළ විමසුමකදී පැවසුවේ ශෂිකලාගේ තත්ත්වය පිළිබ`දව ක‍්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බවත් ඇය වෙනුවට වෙනත් ක‍්‍රීඩිකාවක් ආදේශ කිරීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය ලැබෙන තෙක් බලා සිටින බවයි.

”ශෂිකලාට ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙන්න බෑ. අනුමැතිය ලැබුණු පසු ඇයව ලංකාවට පිටත්කර යවනවා. තේරීම් කමිටුව ඒ වෙනුවට ක‍්‍රීඩිකාවක් නම් කරයි” යැයි වැනේසා මහත්මිය වැඩි දුරටත් පැවසුවාය. ශ‍්‍රී ලංකා කාන්තා පිල ඉරිදා (20 වැනිදා) අයර්ලන්තයට එරෙහිව චන්දිගාර්හිදී සිය දෙවැනි තරගයට සහභාගි වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad