මත්තල ගුවන්තොටේ තැපෑල වැසේ... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

මත්තල ගුවන්තොටේ තැපෑල වැසේ...

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි තැපැල් කවුළුව වසා දැමීමමට තීරණය කර ඇති බව වාර්තා වනවා. 

මේ සම්බන්ධයෙන් තැපැල්පති රෝහණ අබේරත්න මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ, මත්තල ගුවන්තොටුපොළ විවෘත කරන අවස්ථාවේදී ගුවන්තොටුපොළට තැපැල් සේවයේ අවශ්‍යතාව පෙන්වාදුන් බැවින් එහි තැපැල් කවුළුවක් විවෘත කළ බවය. 

එහෙත් ගුවන්තොටුපොළ විවෘත කර ගතවූ වසර කිහිපය තුළ එම තැපැල් කවුළුවෙන් අපේක්ෂිත සේවා අවශ්‍යතාව ඉටු නොවන බව ප්‍රත්‍යක්ෂ වූ බැවින් තැපැල් කවුළුව ඉවත් කිරීමට මේවනවිට තීරණය කර ඇති බවය. 

ඉදිරියේදී යළිත් මත්තල ගුවන්තොටුපොළට තැපැල් සේවයේ අවශ්‍යතාවක් වේනම් යළි සේවය ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානම් බවද තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad