විදෙස්ගතවන කාන්තාවන්ගේ වයස්වල වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

විදෙස්ගතවන කාන්තාවන්ගේ වයස්වල වෙනසක්

රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව ලිහිල් කිරීමටත්, උපරිම වයස් සීමාවක් හඳුන්වාදීමටත් අපේ‍්‍රල් මාසයේ කටයුතු යොදා තිබේ.

එම වයස් සීමාවන්, මැදපෙරදිග රටවල් හා මැදපෙරදිග නොවන  රටවල් සඳහා ක්‍රියාත්මක කෙරේ.මේ වනවිට කි‍්‍රයාත්මක වයස් සීමාවන්ට අනුව සෞදි අරාබියේ රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 25 සම්පූර්ණ වී තිබිය යුතු ය.

අනෙකුත් මැදපෙරදිග රටවල් වන කුවේට්, ජෝර්දාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ලෙබනනය, කටාර්, බහරේන් හා  ඕමාන් සඳහා අවම වයස් සීමාව අවුරුදු 23 කි. මැදපෙරදිග නොවන රටවල්වන, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, සයිප‍්‍රස් ඇතුළු රටවල් සඳහා අවම වයස් සීමාව අවුරුදු 21 කි.

No comments:

Post a Comment

Post Bottom Ad