එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ ආයතනයට නොතීසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ ආයතනයට නොතීසි

එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ ආයතනයට නොතීසි
සුපිරි ගායන ශිල්පී එන්රික් ඉග්ලේසියස් මෙරටට ගෙන්වූ "ලයිව් ඉවෙන්ට්" ආයතනයට අද (02) දින කොළඹ දිසා අධිකරණය මගින් නොතීසි නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ එම සංගීත ප්‍රසංගයේ ප්‍රභූ ප්‍රවේශපත් ලබා ගත් තමන්ට නිසි වින්දනයක් නොලැබුණු බවට ගොණු කරන ලද සිවිල් නඩුවකට අදාළව යි. 

නීතිඥ නිෂාන් ප‍්‍රමිතරත්න මහතා සහ ඔහුගේ බිරිඳ මෙම නඩුව ගොණු කර ඇති අතර තමන්ට රුපියල් මිලියන 11ක වන්දියක් ගෙවන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. "ලයිව් ඉවෙන්ට්" ආයතනයේ හිමිකරුවන් වන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර මහතා සහ මහේල ජයවර්ධන මහතා ය.

No comments:

Post a Comment

Post Bottom Ad