බදුල්ල, වියලුව අධ්‍යාපන කලාපයට අයත් කන්දකැටිය කන්දකැපූ උල්පොත විද්‍යාලයේ තාවකාලිකව ඉදිකර තිබු පන්ති කාමර ගොඩනැගිල්ලක් අද (03) උදෑසන ගිනි තබා විනාශ කර ඇතැයි කන්දකැටිය පොලිසිය ප්‍රකාශ කරයි.
මෙම විදුහලේ පවතින ගොඩනැගිලි හිඟය නිසා දෙමාපියන් විසින් මෙම ගොඩනැගිල්ල ටකරන් සෙවිලි කර ඉටිරෙදි වලින් ආවරණය කර, සකස්කර දි තිබු එකක් වන අතර එහි 03 වන ශ්‍රේණියේ පන්ති 03ක් පවත්වාගෙන ගිය බවත් සිසුන් 98 ක් දෙනෙකු මෙම පන්තිවල ඉගෙනුම ලැබු බවත් විදුහල්පතිවරයා සඳහන්කර තිබේ.
පොලීසිය සඳහන් කළේ ගොඩනැගිල්ලේ තිබූ අල්මාරි කඩා එම අල්මාරි තුල තිබු ගුරු අත්පොත්, ළමා පොත් පත් හා සිසුන්ගේ නිර්මාණ එලියට දමා ගිනි තබා ඇති බවත් ගින්නෙන් පුටු, මේස ඇතුලු ලී බඩු ද විනාශයට පත්ව ඇති බවත් ය.
මෙය සිදුකළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර කන්දකැටිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment