ගෝඨාට ශ‍්‍රිලනිපයේ ඉහල තනතුරක්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ගෝඨාට ශ‍්‍රිලනිපයේ ඉහල තනතුරක්…

ශ‍්‍රිලනිපයේ ඉහල තනතුරක් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාධිය යුතු යයි එම පක්ෂයේ ප‍්‍රබලයන් පිරිසක් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යෝජනා කිරීමට සූදානමින් සිටී.

මෙම යෝජනාව කරන්නට හේතු වී ඇතැයි පැවසෙන්නේ රාජපක්ෂ නම මෙරට දේශපාලනයේ ප‍්‍රබල සාධකයක් මෙන්ම ශ‍්‍රීලනිපයේ පැවැත්මටත් ඉදිරි ජයග‍්‍රහණ සදහාත් රාජපක්ෂවරුන්ගෙන් බැහැරවීම විශාල ප‍්‍රශ්නයක් විය හැකි යයි ගැඹුරින් සාකච්චා වී තිබීමයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී ඇති දුෂණ චෝදනා අවම වීමත් ඔහු රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඉහල ප‍්‍රසාදයක් ලබා තිබීමත් යුද්ධය ජය ගැනීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් සිදු කිරීමත් මෙම යෝජනාව කිරීමට තව දුරටත් බලපා ඇතැයිද කියැවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad