ඒකාබද්ධ විපක්ෂය අදත් පොල් ගසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ඒකාබද්ධ විපක්ෂය අදත් පොල් ගසයි

රජයේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද (19) 07 වැනි වරටත් පොල් ගසා දේව කන්නලව්වක නිරතවීමට නියමිත බව වාර්තා වේ. ඒ හලාවත - මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි දේවාලයේ දී ය. මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය රජයට එරෙහි ව පොල්ගසා දේව කන්නලව් සිදු කරනු ලැබී ය.

ඒ හික්කඩුව - සීනිගම දේවාලය, රත්නපුර - ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව - කුඩාකතරගම දේවාලය, සිංගක්කුලිය - අයියනායක දේවාලය, මොරටුව - ලුනාව දේවාලය, මෝදර - කාලිමෑණියන්ගේ දේවාලයේ දී සහ කුලියාපිටිය - සූනියම් දේවාලයේ දී ය.

මේ අතර අද දිනයේ දී රජයට සහාය පළ කරමින් ද තවත් දේව කන්නලව්වක් සිදු කරන බව වාර්තා වේ. එය සංවිධානය කර තිබෙන්නේ ද හලාවත මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි දේවාලයේ දී ය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ පළාත් සේවක පිරිසක් එය සංවිධානය කර ඇති අතර ඊට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ද සහභාගීවීමට නියමිතයි. 

No comments:

Post a Comment

Post Bottom Ad