දූෂණය කර මැරූ පෙර පාසල් ගුරුවරිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

දූෂණය කර මැරූ පෙර පාසල් ගුරුවරිය

මොණරාගල හුලන්දාව, කිවුලේආර ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (18) අලුයම 1.10 ට පමණ අතුරුදහන් වු බව ඇගේ සහෝදරියක විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

එම අතුරුදහන් වු කාන්තාවගේ මෘත ශරීරය අද (19) උදෑසන 07.50 ට පමණ කැලෑබද ප‍්‍රදේශයක ඇති බවට පොලීසිය ලද තොරතුරකට අනුව පොලීසිය විසින් පරීක්‍ෂා කිරිමේදි මෘත ශරීරය හමුවී ඇත.

අදාළ තැනැත්තිය පෙර පාසැල් ගුරුවරියක් වශයෙන් සේවය කරන 54 වියැති හුලන්දාව, කිවුල්ආර ප්‍රදේශයේ පදිංචි බැද්දේ හුනුගේ සෝමාවති යන අය වේ. පොලීසිය සැකකරන අන්දමට ඇය ලිංගික අතවරයකට ලක් කර ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මහේස්ත‍්‍රාත්වරයා මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය පවත්වා ඇති අතර මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැනැපත්කර ඇති බව වාර්තා වේ. දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකිරීමට නියමිත අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad