විග්නේෂ්වරම් තවමත් ඉන්දියාවේ පිහිටෙන් උතුරට ෆෙඩරල් ක‍්‍රමයක් ලබා ගැනීමට දරණ උත්සාහයෙන් පෙනී යන්නේ ඒකීය රාජ්‍යයක් තුළ අනෙකුත් ජන කොටස් සමග සහජීවනයෙන් සිටීමට ඔහුගේ ඇති අකමැත්ත බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතු ව නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ උතුරේ දෙමළ ජනයාට පමණක් සුවිශේෂි ප‍්‍රශ්නයක් තිබිය නොහැකි බවත් දෙමළ ජනයා රට පුරා විසිර සිටීම හේතුවෙන් ෆෙඩරල් ක‍්‍රමය උතුරට පමණක් නොගැලපෙන බවත් ය.
එසේ නම් කළ යුතුවන්නේ රටම ෆෙඩරල් ක්‍රමය ස්ථාපිත කිරීම බවත් විග්නේෂ්වරම් ඇතුළු බෙදුම්වාදීන් මේ උත්සාහ කරන්නේත් ගමන් කරන්නේත් පැරණි මාවතේම බවත් එම නිවේදනයේ දැක් වේ.
ජාතික හෙළ උරුමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
උතුරු නැගෙනහිර පළාත් දෙක සඳහා ෆෙඩරල් පාලනයක් ලබාදීමට මැදිහත්වන මෙන් තමන් ඉන්දීය නායකයන්ගෙන් ඉල්ලා සිටින බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරම් පසුගිය 28 වන දා යාපනයේ දී ප‍්‍රකාශ කර ඇත.
ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය කර ඇත්තේ ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට උතුරු පළාතෙන් ගිය විද්වතුන් පිරිසක් ආපසු පැමිණීමෙන් පසු පිළිගැනීමේ උත්සවයක දී ය. විග්නේෂ්වරම්ගේ මෙම ප‍්‍රකාශයෙන් පැහැදිලිවන්නේ ඔහු තුළ ඇති දෙමළ බෙදුම්වාදී අරමුණයි.
විග්නේෂ්වරම් ඇතුළු දෙමළ බෙදුම්වාදීන් ස්වයංපාලනය, නිජබිම් සංකල්පය, ෆෙඩරල් පාලනයක් හා සහසන්ධීය පාලනයක් හෝ අසමමිතික බලය බෙදීමක් පිළිබඳ අදහස් විටන් විට ඉදිරිපත් කරන්නේ මේ බෙදුම්වාදී අරමුණු යටිසිතේ තබාගෙන බව ඉතා පැහැදිලි ය.
80 දශකයේ ඉන්දියාව ශී‍්‍ර ලංකාව දෙකඩ කිරීම සඳහා වක‍්‍ර යුද්ධයක් දියත් කළ අතර එහි දි දෙමළ බෙදුම්වාදය සන්නද්ධ කළ ආකාරය අපට අමතක නැත.
ත‍්‍රස්තවාදයට රැකවරණ ලබාදෙමින් ආයුධ හා පුහුණුව ලබාදෙමින් ඉන්දීය භූමිය ශී‍්‍ර ලංකාවට එරෙහිව යෙද වූ ආකාරය අපට අමතක නැත. අවසානයේ ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය අභියෝගයට ලක් කරමින් ඉන්දු ලංකා ගිවිසුම අප මත බලහත්කාරයෙන් පටවා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා පළාත් සභා ක‍්‍රමය අපට ලබාදුන් ආකාරය ද අමතක නැත.
එසේම ශී‍්‍ර ලංකාවට එරෙහිව හදාවඩා ගත් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය කිරිපෙව් දෑත්ම සපාකෑ හැටි ඉන්දීය නායකයන්ට අමතක විය නොහැක. කෙසේ වෙතත් අවසානයේ දී ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශී‍්‍ර ලාංකීය ජාතියට විශාල වන්දියක් ගෙවීමට සිදු විය.
වසර 30ක කුරිරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු උතුරට සාමය නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සංවර්ධනය ලබාදීමෙන් පසුත් විග්නේෂ්වරම් තවමත් ඉන්දියාවේ පිහිටෙන් උතුරට ෆෙඩරල් ක‍්‍රමයක් ලබා ගැනීමට දරණ උත්සාහයෙන් පෙනෙන්නේ ඒකීය රාජ්‍යයක් තුළ අනෙකුත් ජන කොටස් සමග සහජීවනයෙන් සිටීමට ඔහුගේ ඇති අකමැත්තයි.
උතුරේ දෙමළ ජනයාට පමණක් සුවිශේෂි ප‍්‍රශ්නයක් තිබිය නොහැක. දෙමළ ජනයා රට පුරා විසිර සිටී. එසේ නම් ෆෙඩරල් ක‍්‍රමය උතුරට පමණක් හරියන්නේ නැත. රටම ෆෙඩරල් කළ යුතුය. විග්නේෂ්වරම් ඇතුළු බෙදුම්වාදීන් මේ උත්සාහ කරන්නේත් ගමන් කරන්නේත් පැරණි මාවතේම ය. ශී‍්‍ර ලංකාව ස්වාධීන ස්වෛරී රටකි. එය ඉන්දියාවේ ප‍්‍රාන්තයක් නොවේ.
ඉන්දියාව මැදිහත් වී උතුරට ෆෙඩරල් පාලනයක් හදාදෙන්නැයි විශ්නේෂ්වරම් කරන ප‍්‍රකාශය රටට ද්‍රෝහී ප‍්‍රකාශයකි. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ඉන්දියාව මැදිහත් වී දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් සැනසීමට පළාත් සභා ක‍්‍රමය අප මත පැට වූ ආකාරයට ඉන්දියාව හරහා බලපෑම් කර ෆෙඩරල් පාලනයක් ලබා ගැනීම විග්නේෂ්වරම්ගේ බලාපොරොත්තුව බව පෙනේ.
ජාතික සංහිඳියාව ගැන දකුණේ සිංහලයන්ට දේශණා පවත්වන මහත්වරුන් හා නෝනාවරුන් මේ ප‍්‍රකාශය ඉදිරියේ ගොළුවත රකින්නේ ෆෙඩරල් සිහිනය ඔවුන්ගේ ද යටි අරමුණ බැවිනි. දකුණේ අන්තවාදය ජාතිවාදය කියමින් රටේ ඒකීයභාවය වෙනුවෙන් පෙනී සිටින බලවේග නිහඬ කරන්නට යෝජිත නව ව්‍යවස්ථාවට අදහස් ලබා ගැනීමේ මුවාවෙන් ෆෙඩරල් අදහස් හා ඒකීය විරෝධී අදහස් මෙන්ම බහුතර සිංහල බෞද්ධයන්ට එරෙහි අදහස් ඉස්මතු කරමින් ඇත.
උතුරෙනුත් දකුනෙනුත් ෆෙඩරල්වාදීන්ගේ මේ කෙඳිරිය ඇසෙන්නට පටන් ගෙන ඇත. මේ අයට අපට කීමට ඇත්තේ ඔය හඬ අප ඉතා හොඳින් අසා ඇති බවයි. එබැවින් රට තුළ ගොඩ නැගෙමින් තිබෙන ජාතික සංහිඳියාවට බාධා නොකරන ලෙසත්. ගැටුම්කාරි වටපිටාවකට අප සමාජය නැවත ගෙන නොයන ලෙසත් අප අවධාරණය කර සිටින අතර විග්නේෂ්වරන්ගේ ෆෙඩරල්වාදි ප‍්‍රකාශයට අපගේ බලවත් විරෝධය පළ කර සිටිමු.

No comments:
Post a Comment