උතුරේ වැඩ සොයන්න ඔස්ට්‍රේලියානු තානාපති යාපනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

උතුරේ වැඩ සොයන්න ඔස්ට්‍රේලියානු තානාපති යාපනයට

ශ්‍රී ලංකාවේ‍ ඔස්ට්‍රේලියානු තානාපති ප්‍රීන් හට්ච්සන් මහතා ඇතුලු දූත පිරිසක් ඊයේ (17)  යාපනයේ සංචාරයක නිරත වූ අතර එහිදී උතුරේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් හමු වී සාකච්ඡා කරන තිබේ.

පළමුව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතා හමු වී උතුරේ සංවර්ධන කටයුතු හා නැවත පදිංචි කිරීම් පිළිබඳව සාකච්ඡා කරන ලදි.

අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාද හමු වී සිදු කෙරෙන නැවත පදිංචි කිරීම් හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබිය යුතු ආධාර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.  

වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad