හෝමාගමට නව තෙමහල් පරිපාලන සංකීර්ණයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

හෝමාගමට නව තෙමහල් පරිපාලන සංකීර්ණයක් 

හෝමාගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සඳහා මහල් 3 කින් සමන්විත නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 අතුරින් විශාලතම වපසරියක පැතිරුණු මෙන්ම ග්‍රාම සේවා වසම් වැඩිම සංඛ්‍යාවකින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වනුයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි. 

එහි බල ප්‍රදේශයේ විශාලත්වය හෙක්ටයාර 11,815.5 ක් වන අතර, පදිංචි පවුල් සංඛ්‍යාව 60,425 ක් පමණ වේ. මෙම කොට්ඨාසය තුළ වෙසෙන විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 10,000 කට ආසන්න වන අතර, සමස්ත ජනගහනය 250,000 ක් පමණ වේ. 

මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලෙහි ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැති අතර, මහජනතාවට වඩා කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සලසා දීමේ අරමුණින් රුපියල් මිලියන 286.66ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එම කාර්යාලය සඳහා මහල් 3 කින් සමන්විත නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad