විමල් ඇතුළු 7කට ඇප - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 18, 2016

විමල් ඇතුළු 7කට ඇප

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකර මාර්ග අවහිර කළ බවට චෝදනා එල්ල වී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(18) නියෝග කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත. මීට අදාළව ලැබුණු නොතීසියකට අනුව විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මේ අතර විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගත් බව කියන ශෂී වීරවංශ මහත්මිය ද අද කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad