ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරඟයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 6කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ඇෆ්ගනිස්ථානය කඩුලු 7ට ලකුණු 153ක් රැස් කරන ලදී. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 18.5දී කඩුලු 4ක් දැවී ලකුණු 155ක් ලබාගනිමින් ජය වාර්තා කළ අතර එම ජයග්‍රහණයේ නියමුවා වූ තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 83ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු 56දී 4 පහර 8ක් හා 6 පහර 3කින් එම ලකුණු සංඛ්‍යාව සමන්විත විණ. පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ලද අමිහිරි පරාජයත් මෙම තරඟාවලියේ නවසීලන්තය හා පකිස්ථානය හමුවේ පුහුණු තරඟවලදී ලද පරාජයත් අද තරඟයේ ජයග්‍රහණයත් සමග ඉදිරි තරඟවලට මුහුණදීමට ශ්‍රී ලංකාවට දැවැන්ත ශක්තියක් ලැබී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad