මහින්ද ඇතුළු රැළියට ගිය අයට දැඩි විනය පියවර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

මහින්ද ඇතුළු රැළියට ගිය අයට දැඩි විනය පියවර

අති විශාල ජන සහභාගීත්වයක් ඇතිව කොළඹ හයිඩ් පිටියේ දී පසුගිය දා පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ "ජන සටන" විරෝධතා රැළියට සහභාගී වුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු 37 දෙනෙකුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නිල අවසරයකින් තොරව සිදු කර තිබෙන මෙම ක්‍රියාව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව යි නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පක්‍ෂයේ උත්තරීතරම ආයතනය වන මධ්‍යම කාරක සභාව ගනු ලැබූ තීන්දු තීරණ මෙයින් අභියෝගයට ලක්‌ කෙරෙන බවත් මෙමගින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කීර්ති නාමයට සහ අභිමානයට විශාල කැළලක්‌ සිදු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

හයිඩ් පිටියේ රැස්‌වීමට අදාළ සත්‍ය තොරතුරු සියල්ල නිවැරැදිව අධ්‍යයනය කර පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇති අතර "ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය රැකගැනීම සහ ආරක්‍ෂා කිරීම අපේ වගකීමක්‌. එම වගකීම අපි නිවැරැදිව ඉටුකරනවා. පක්‍ෂය කඩන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නැහැ" යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad