අලූත් අවුරුද්දට වතුරත් නෑ.. රට පුරා ජල කප්පාදුවක් එයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

අලූත් අවුරුද්දට වතුරත් නෑ.. රට පුරා ජල කප්පාදුවක් එයි..

රටපුරා බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්වය මත ඉදිරි දින කිහිපය ඇතුලත බොහෝ ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි දින කිහිපය අතුලත ප‍්‍රමාණවත් වර්ෂාවක් නොලැබුනහොත් බොහෝ දුරට එළැඹෙන සිංහල හා දෙමල අලූත් අවුරුදු සමයේදී අඛණ්ඩ ජල සැපයුම ලබාදිමට නොහැකි වනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර කාලගුණ අනාවැකිවලින් පැවසෙන්නේ එළැඹෙන මැයි මාසයේ අවසන් භාගය වන තෙක් සැලකිය යුතු වර්ෂාවක් ඇති නොවෙනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad