ඇමති චම්පික කල රිය අනතුරේදී පොලිස්පති චම්පිකගේ පැත්තේ.. සාක්‍ෂිකරුවන් වෙන අතක් බලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

ඇමති චම්පික කල රිය අනතුරේදී පොලිස්පති චම්පිකගේ පැත්තේ.. සාක්‍ෂිකරුවන් වෙන අතක් බලයි..

සන්දීප් ගුණවර්ධනට රිය අනතුරක් සිදු කර පලා ගිය චම්පික රණවක ඇමතිවරයා ඇසින් දුටු සාක්ෂි තිබිය දී තවමත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් වී ඇත. අවම වශයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් වත් ලබා ගෙන නැත.

මේ පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ ශෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර සහ ඩී වී චානක යන මන්ත්‍රිවරු පොලිස්පතිවරයාට පැමිණිලි කළහ. ඒ පිළිබඳ පොලිස්පතිවරයා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බැවින් ගාමිණි ලොකුගේ, කෙහෙලිය රඹුක්වැල්ල, ජයන්ත සමරවීර සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රිවරු ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළහ. නමුත් මෙම කිසිම පැමිණිල්ලක් පිළිබඳ කිසිම ක්‍රියාමාර්ගයක් ගත් බව නොපෙනිණි.

පොලීසියේඅකර්මන්‍ය බවින් කලකිරුණු එම අනතුරේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වන ගයාෂාන්විනුර සහ මොහොමඩ් සුෆයිපොලීසිය විසින් විවෘතවම චම්පික රණවක ඇමතිවරයාටපක්ෂපාතිවීමෙන් සිය මානව හිමිකම් උල්ලංඝණය වුණු බවට 2016 මාර්තු 18 දින මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මෙම ඇසින් දුටු සාක්ෂිකරුවන්ට පවතින දැඩි බලපෑම් හේතුවෙන් මාධ්‍ය ආයතන වලට පූර්ව දැනුම් දීමක් නොකර මානව හිමිකම් කොමිසමට යෑමට ඔව්හු තීරණය කළහ.

– මියුරු සඳරුවන්

No comments:

Post a Comment

Post Bottom Ad