ශ‍්‍රීලනිප රැස්වීමේදී චන්ද්‍රිකාට හූ කියති… මෛත‍්‍රීගේ නම කියද්දීත් හූ කියති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 20, 2016

ශ‍්‍රීලනිප රැස්වීමේදී චන්ද්‍රිකාට හූ කියති… මෛත‍්‍රීගේ නම කියද්දීත් හූ කියති..

දිවුලපිටිය බලගල්ල චන්දන ජයගොඩි මහතාගේ නිවසේදී ඊයේ (19) පැවති දිවුලපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බල මණ්ඩල රැස්වීමේදි යහ පාලන ඇමතිවරුන් වන රෙජිනෝල්ඞ් කුඩරේ සරත් අමුණුගම සහ හිටපු මන්ත‍්‍රී රුවන් රණතුංගට ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ හූ කියමින් දැඩි විරෝධය ඵල කළහ. පාක්‍ෂිකයන්ගේ හූ හඩ මැද රුස්වීම අතමග නතර කිරීමට එහි සංවිධාකයන්ට සිදුවිය.

මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුනේ. හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙනි. ඇයගේ ආරක්‍ෂක නිළධාරීන් රැස්වීමට කලින් පැමිණ සිටියද ඇතිවූ නොසන්සුන් තත්වය හමුවේ කුමාරතුංග මහත්මිය රැස්වීමට නොපැමිණ ආපසු හැරී ගියාය.

වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා රැස්වීම කැදවා තිබුනේ. දිවුලපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක චන්දන ජයකොඩි මහතා විසිනි. මුලින්ම රැුස්වීම ඇමතුවේ දකුණු පළාත් සභාවේ කෘෂි කර්ම ඇමති යූ. ජී. ඞී. ආරියතිලක මහතායි ඔහු මෛත‍්‍රීපාලන සිරිසේන මහතාගේ නම සඳහන් කරන විට රැුස්ව සිටි පාක්‍ෂිකයන් හූ කීම ආරම්භ කලහ. 


මහින්ද මහත්තයාගැන මිසක් වෙන කිසිම කෙනෙක් ගැන කථා කරන්න එපා යැයි කියමින් පාක්‍ෂිකයන් ඔහුගේ කථාවට දිගින් දිගටම විරෝධය පළ කරන්නට වීම නිසා ආරියතිලක මහතාට කථාව අතර මග නතර කරන්නට සිදුවිය. කථාව අතරතුරදි රෙජිනෝල්ඞ් කුරේ සහා රුවන් රණතුංග යන මහත්වරු රැුස්වීමට පැමිනියහ. පාක්‍ෂිකයන් ඔවුන් පිලිගත්තේ හූ කියමිනි. 

පන්දම් කාරයෝ අපට එපා, පාවාදෙන්නෝ අපට එපා. යැයි කියමින් පාක්‍ෂිකයෝ දිගින් දිගටම ඔවුන්ට විරෝධය පල කළහ. රුවන් රණතුංග මහතාගේ නම කියවෙන වාරයක් පාසා පාක්‍ෂිකයන් ප‍්‍රසන්න රණතුංග මහතාට ජය වේවා කියමින් කෑ ගැසුවේය. රෙජිනෝල්ඞ්කුරේ මහතා කථා කරන්නට නැගී සිටි අවස්ථාවේ සිට ඔහුට දැඩි විරෝධය පල විය. ඒ අතර තුර ඇමති සරත් අමුණුගම මහතා රැස්වීමට පැමිණියේය. ඔහුටද හූ කියමින් පාක්‍ෂිකයන් දැඩි ලෙස විරෝධය පල කළහ. 

පාක්‍ෂික විරෝධය නිසා රෙජිනෝල්ඞ්කුරේ මහතාගේ කථාවද අතර මග නවතා දැමුනු අතර අමුණුගම ඇමතිවරයා රැස්වීමට ඇමතීමට සුදානම් වෙද්දී අපි ආවේ. මේ පාවාදෙන්නන්ගේ කථා අසන්නනට නොවේ යැයි පවසමින් පාක්‍ෂිකයන් පිටව ගියහ. රැස්වීමේ නොසන්සුන් තත්වය දුටු හිටපු ජනාධිපතිනියගේ ආරක්‍ෂකයින් ඇයට දැනුම්දී ඇත්තේ මෙම ස්ථානයට නොපැමිණෙන ලෙසය. ඒ අනුව දිවුලපිටියට එමින් සිටි කුමාරතුංග මහත්මිය ආපසු හැරී ගියාය.

මේ අතර ඊයේ (19) සවස යක්කල මඩුගස් වලව්වේ (පණ්ඩු බණ්ඩාරනායක මහතාගේ නිවස)  පැවති ගම්පහ ශ‍්‍රී.ල.නි.ප. ආසන බලමණ්ඩලයට චන්ද්‍රකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය පැමිණ තිබේ. ඇය පැමිනෙණ විට රැස්ව සිටි පාක්‍ෂිකයන් හූ කියමින් ඇයට විරෝධය පල කල බවද වාර්ථා වෙයි. ඇයගේ කථාවට පෙර පාක්‍ෂිකයන් බොහෝ දෙනෙක් රැස්වීමෙන් පිටවගොස් ඇත.

– සාරග කුඩාහෙට්ටි

No comments:

Post a Comment

Post Bottom Ad