දූෂණ ගැන ලිපිගොණු ජනපති විමර්ශන ඒකකයෙන් අතුරුදන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 2, 2016

දූෂණ ගැන ලිපිගොණු ජනපති විමර්ශන ඒකකයෙන් අතුරුදන්

ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී තිබූ විශාල මුල්‍ය වංචාවන්ට අදාළ පැමිණිලි ලිපිගොනු රාශියක් අතුරුදන්වී ඇති බව වාර්තා වෙයි.

වසර දහයකට වැඩි කාලයක් ක්‍රියාත්මක වී දැනට අකර්මණ්‍යව තිබෙන එම ඒකකය යළි ළඟදීම ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා එහි තිබූ ලිපිගොනු කොළඹ කොටුවේ පිහිටි ස්ථානයකට ගෙන යාමට මේ වන විට සිදු වේ.

එහිදී ලිපිගොනු පරීක්ෂා කිරීමේදී ඒවා අතුරුදන්වී ඇති බව අනාවරණය වී තිබේ. පසුගිය කාලයේ දේශපාලනඥයන් ආයතන ප්‍රධානීන් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් රැසකගේ දූෂණ වංචාවලට අදාළ ලිපිගොනු මෙසේ යම්කිසිවකු විසින් අතුරුදන් කර ඇති බව යි වැඩිදුරටත් වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad