මහින්දට වැරදුණු තැන මහින්ද හෙළි කරයි (AUDIO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 3, 2016

මහින්දට වැරදුණු තැන මහින්ද හෙළි කරයි (AUDIO)

ඉතාම ශක්තිමත්ව තිබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනයේ පළමු නාය යෑම ඇරඹුනේ විමල් වීරවංශ මහතා එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උපවාසයෙන් බව මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ මාධ්‍ය හමුවේ දී ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අමෙරිකාව සහ එංගලන්තය ලෙස විමල් වීරවංශ මහතා සිතූ බවත්, එම සංවිධානයට එරෙහිව උපවාස කරන්නට යාමෙන් ජාත්‍යන්තරය අප රට සමග උරණ වූ බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතාට වැරදුණේ උපවාස කළ වීරවංශ මහතාට තැඹිළි පොවන්නට යාමෙන් බව යි.

මහින්ද රාජපක්ෂ මහතාට තවත් වසර ගණනාවක් බලයේ සිටින්නට තිබූ අවස්ථාව එතැනින් අහිමි වූ බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad