හැටන් - කොළඹ මාර්ගයට අධිබලැති විදුලි කණු 3ක් කඩා වැටේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 17, 2016

හැටන් - කොළඹ මාර්ගයට අධිබලැති විදුලි කණු 3ක් කඩා වැටේ

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේ දී මාර්ගය අසල තිබූ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ඇද තිබූ විදුලි කණු තුනක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (17) පෙරවරු 11.00 සිට 12.30 දක්වා ඇණහිට තිබේ.

පොල්පිටියේ සිට ගිනිගත්හේන දක්වා ඇද තිබු මෙම විදුලි රැහැන් පද්ධතියට කඳගල ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගය අභියස ඉහළ කඳුමුදුනේ තිබු කැන්ද ගසක් අධිබලැති විදුලි රැහැන් මතට කඩා වැටිමත් සමගම විදුලි රැහැන් පද්ධතිය සමග විදුලි කණු තුනක් මාර්ගයට කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇන හිට ඇත.

එම ඇද තිබෙන විදුලි රැහැන් පද්ධතියේ මෙතෙක් විදුලි සම්බන්ධතාවය ලබා දී නොමැති අතර කළුගල ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන්ට ලබාදෙන විදුලි ධාරිතාව පමණක් එම විදුලි කණු හරහා ඇද තිබූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. 

ගිනිගත්හේන විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබු විදුලි රැහැන් සහ කණු ඉවත් කිරීමෙන් පසු තාවකාලික ව ඇන හිට තිබූ එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් කර ඇත.

විදුලි කණු හා විදුලි රැහැන් කඩා වැටිම හේතුවෙන් කඳගල ප්‍රදේශයේ විදුලි පරිභෝගිකයන් විශාල පිරිසකට විදුලිය ඇණ හිට ඇති අතර අධිබලැති විදුලි රැහැන් හා විදුලි කණු කඩා වැටීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

හැටන් - රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad