හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන 17දා හයිඩ් පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හිටපු ජනාධිපති සහභාගී වුවහොත් ඔහුගේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය වහාම අහෝසි කිරීමට එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
ඔහු ඒ සම්බන්ධයෙන් මේවනවිටත් පක්ෂයේ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා උපදෙස්දී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය ද ඊට අනුකුලත්වය පළකර අතයි පැවසේ.
කොනක ඉඳල අදිනවා !
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක් පිහිටුවීමට අනුබලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු කළොත් තමාගෙන් කිසිම ගැලවීමක් නොලැබෙන බව ජනාධිපතිවරයා පසුගියදා අවධාරණය කර සිටියේය.
පසුගිය බදාදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හමුවකදී ඔහු එම අනතුරු ඇඟවීම කර ඇත. පක්ෂයේ අතීත ක්‍රියාකලාපය මෙනෙහි කරමින් රාජපක්ෂවරු එදා තමන්ට සැලකූ හැටි ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර ඇත.
''ඇත්තම කියනවා නම් මට පක්ෂයෙන් යන්න පාර කැපුවේ ඔය රාජපක්ෂලා ඒත් මම එයාලට හානියක් කරල නැහැ. නමුත් මහින්ද වෙන වෙන පක්ෂ පිහිටුවන්න උඩගෙඩි දීලා, පක්ෂය කඩන්න අවොත් නම් මගෙන් එයාට ගැලවීමක් නෑ. මගේ ළඟ එයාලගේ තෝම්බුව ඔක්කොම තියනවා. කොනක ඉඳල අඳිනවා. ජනතාව ඇත්ත දැනගත්තම එයාට මේ රටේවත් ඉන්න බැරිවෙයි '' යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
Sunday, March 13, 2016
17 රැළියට ගියොත් මහින්ද දොට්ට !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment