මහා පරිමාණ කොල්ල කල්ලියක් අල්ලයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

මහා පරිමාණ කොල්ල කල්ලියක් අල්ලයි (VIDEO)

මඩකලපුව - කාත්තාන්කුඩි පොලිස් වසමේ දිගු කාලීනව සොරකමේ යෙදුණු  පුද්ගලයින් කණ්ඩායමක් කාත්තාන්කුඩි පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ලඟ තිබී නිවෙස් 09කින් සොරකම් කරන ලද ලක්ෂ 15ක් වටිනා රන් ආභරණ, යතුරු පැදි, නව ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගත් බව කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති ඒ.පී.වෙදගෙදර මහතා පැවසීය.

මෙම  සැකකරුවන් තිදෙනා අද (18) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීට සම්බන්ධ තවත් අය සොයා කාත්තාන්කුඩි පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad