තම කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි ඒකාබද්ධ විපක්ෂය සිදු කළ යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් පසු එම කණ්ඩායම විසින් පෙරේදා (09) පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා සිදුකරමින් උණුසුම්කාරී වාතාවරණයක් ඇති කළ අතර මෙම කරුණ සම්බන්ධයෙන් ඊයේ (10) දිනයේ දී ද උණුසුම් වාද විවාද ඇති විය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයකට පිළිතුරු දුන් ගුණවර්ධන මහතා පැවසූවේ බුදුන්වහන්සේ වදාළ සසර ගමන අවබෝධ කරගන්නා ලෙස තමා අග්‍රාමාත්‍යවරයාට පවසන බව යි.
එයට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරළා පැවසූවේ සාමයෙන් රැස් වී සාමයෙන් සාකච්ඡා කරන්නැයි බුදුන්වහන්සේ දේශණා කර ඇති බවත්, මොවුන් බෞද්ධයන් නොවන බවත් ය. එමෙන්ම ඔවුන් වඳින්නේ "මහින්දාරාමය" බව යි අග්‍රාමාත්‍යවරයා උපහාසාත්මකව පවසා සිටියේ.
වීඩියෝව පහතින්....
මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගර්භය මැද සිටගෙන සිටින විට පනත් සම්මත කර ගැනීම නීති විරෝධී ක්‍රියාදාමයක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මහතා මෙහි දී සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයකට පිළිතුරු දුන් ගුණවර්ධන මහතා පැවසූවේ බුදුන්වහන්සේ වදාළ සසර ගමන අවබෝධ කරගන්නා ලෙස තමා අග්‍රාමාත්‍යවරයාට පවසන බව යි.
එයට පිළිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරළා පැවසූවේ සාමයෙන් රැස් වී සාමයෙන් සාකච්ඡා කරන්නැයි බුදුන්වහන්සේ දේශණා කර ඇති බවත්, මොවුන් බෞද්ධයන් නොවන බවත් ය. එමෙන්ම ඔවුන් වඳින්නේ "මහින්දාරාමය" බව යි අග්‍රාමාත්‍යවරයා උපහාසාත්මකව පවසා සිටියේ.
වීඩියෝව පහතින්....
පාර්ලිමේන්තුවේ අදත් උණුසුම් සංවාද
Posted by Newsfirst.lk on Wednesday, February 10, 2016

No comments:
Post a Comment