නිරුවතින් නවක නිළියන් නැටවූ 'නටලා බලමුද චිත්‍රපටයේ ' අධ්‍යක්ෂක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 7, 2016

නිරුවතින් නවක නිළියන් නැටවූ 'නටලා බලමුද චිත්‍රපටයේ ' අධ්‍යක්ෂක

ජාතික පුවත්පතක දැන්වීමක්‌ පළ කරමින් "නටලා බලමුද" චිත්‍රපටය සඳහා නවක නළු නිළියන් අවශ්‍ය බව පසුගිය කාලයේ දී සඳහන් කර තිබුණා.
 

රඟපෑමට කැමැති අය සිටීනම් පහත දුරකථන අංකවලට අමතන ලෙසත් දක්වා ජංගම දුරකථන අංක දෙකක්‌ සමඟ  බණ්‌ඩාරගම ප්‍රදේශයේ ලිපිනයක් ද  එහි සඳහන් වුණා.

අවිස්‌සාවේල්ල, දඹදෙණිය, කළගෙඩිහේන, වැලිවේරිය, පිළියන්දල ආදී ප්‍රදේශ ගණනාවකින් තරුණ තරුණියෝ මේ සඳහා අයදුම්කර තිබූ අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වයස අවුරුදු පනහ ඉක්‌මවූ අයෙකු බවයි පැවසෙන්නේ.
 

නේවාසිකව පුහුණුවීම් කර ඇති ඔහු මත්පැන් පානය කර යට ඇඳුම පිටින්ම පැමිණ  තරුණියන්ට ඇඳුම් ශරීරයෙන් ඉවත් කර නිරුවතින් නටන ලෙස නියෝග කර ඇති අතර  එයට අකමැති වූ අයට  පහරදී ඇඳුම් ගලවා ඇත්තේ  චිත්‍රපටියේ රඟපෑමට අවස්‌ථාවක්‌ නොදෙන බව පවසමින් බවයි වාර්තා වන්නේ.

තරුණියකට හොර රහසේම සිහිය නැතිවීම සඳහා යම්කිසි පානයක්‌ ලබා දී දුෂණය කර ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් බණ්‌ඩාරගම පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී ඇති අතර ඔහු සහ කාන්තාවක් ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad