පලාලි ගුවන්තොට පුළුල් කිරීමට විග්නේෂ්වරන්ගේ විරෝධය  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 18, 2016

පලාලි ගුවන්තොට පුළුල් කිරීමට විග්නේෂ්වරන්ගේ විරෝධය 

ඉන්දියානු රජයේ ආධාර යටතේ නවීකරණයට යෝජිත ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඇති පලාලි ගුවන් තොටුපොළේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය  C.V. විග්නේෂ්වරන් මහතා විරෝධතා පළකර තිබේ.

එම ගුවන්තොටුපොළ ප්‍රතිසංස්කරණ කටයුතුවල දී පවතින භූමි ප්‍රමාණය පුළුල් කිරීමකට හෝ ඒ මගින් ප්‍රදේශය අවට සිටින ජනතාවට අසාධාරණයක් හෝ අලාභයක් සිදු වනවානම් තමන් ඊට විරුද්ධවන බව ඔහු පෙන්වා දී ඇත. 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද ඔහු ඒ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

පලාලි ගුවන්තොටුපොළ අවට ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවන ධීවරයින් හා ප්‍රදේශවාසීන්ගේ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටළුකාරී තත්ත්වයට අදාළව එම සාකච්ඡා පැවැත් වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad