මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල තුල වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අලුත් නොකළ වෛද්‍යවරු 13 දෙනෙකු සිටින බව වාර්තා වේ. එම වෛද්‍යවරුන් අතර පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර කල වෛද්‍යවරුද සිටින බව පැවසේ.
මේ සම්බධයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක් වන ඩබ්ලිව්.ජී. අමල් රත්න බණ්ඩාර පොලිස්පතිවරයාට පසුගිය දෙසැම්බර් මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් එයට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැතැයිද පැවසේ. (අදාළ පැමිණිල්ලේ පිටපතක්ද පහත දැක්වේ.)
මේ අතර, නෙවිල් ප්‍රනාන්දු රෝහල ලියාපදිංචි කිරීමේදී එය ශික්ෂණ රෝහලක් ලෙස නම් කර නොමැති බවත්, ඒ ශික්ෂණ රෝහලක් ලෙස අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇති නොහැකියාව නිසා බවත් පෙන්වා දෙන සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එවැනි තත්ත්වයක් තුළ එහි පාලනාධිකාරය මෙම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස ප්‍රචාරය කරමින් ජනතාව මුළා කරන බව පවසමින් ද පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලටද මෙතෙක් ප්‍රතිචාර ලැබී නැතැයි පැවසේ. නෙවිල් ප්‍රනාන්දු රෝහල මගින් තම කාර්ය මණ්ඩලය ලෙස නම් කර ඇති වෛද්‍යවරුන්ගේ ලේඛනය හා ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ඉදිරිපත් කල ලේඛනවල පිටපත් ද පහත දැක්වේ.
Sunday, February 7, 2016
සෝභිත හිමිට ප්‍රතිකාර කළේ හොර දොස්තරලා ?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment