රක්ෂිත බන්ධනාගාරගත කර මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට පැමිණෙන පිරිස් වෙත සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව ඊයේ (06) දිනයේ සිට උන්වහන්සේ බැලීමට පැමිණෙන පිරිස් සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. බොදුබල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාද ඇතුළු 40 කට වැඩි පිරිසක් ඊයේ දිනයේ පමණක් හරවා යවා තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකු බැලීම සදහා දිනකට අවසර හිමිවන්නේ තුන් දෙනෙකුට පමණක් වුවද, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට අදාළ සීමා නොසලකා ඉකුත් දිනවල ගිහි පැවිදි බොහෝ දෙනෙකුට අවස්ථාව හිමිව තිබිණ.
ගලගොඩඇත්තේ ඥාණසාර හිමියන් මහානායක හිමිවරුන් වෙත ලියන ලද පෞද්ගලික ලිපියක් ඉකුත්දා මාධ්‍යවල පළ වි තිබීම මෙතෙක් උන්වහන්සේට ලබාදී තිබූ සහනය ඉවත් කිරීමට ආසන්නම හේතුව බව බන්ධනාගාර දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
කෙසේවෙතත් මෙම ලිපියෙන් පසු ඥානසාර හිමිගේ සුවදුක් විමසා සහ තොරතුරු විමසමින් බන්ධනාගාරය වෙත ඊයේ දිනයේ විශාල දුරකතන ඇමතුම් සංඛ්‍යාවක් ලැබුන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
Sunday, February 7, 2016
ඥානසාර හිමිගේ අමුත්තන්ට සිමා පනවයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment