දේශපාලනය කලකිරේ.. ජවිපෙ ලොක්කෙක් යුරෝපයට පනින්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 7, 2016

දේශපාලනය කලකිරේ.. ජවිපෙ ලොක්කෙක් යුරෝපයට පනින්න සූදානම්..

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි පෙල නායකයෙකු දේශපාලනය අතහැර යුරෝපා රට පදිංචියට යාම සඳහා සූදානම් සිටිතැයි වාර්තා වෙයි.

ජවිපෙ වත්මන් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මොහු කාලයක් තිස්සේ මත ගැටුම් ඇති කර ගත්තෙක් වන අතර අවස්ථා කිහිපයකදීම ජවිපෙන් ඉවත් වන්නේ යයි මාධ්‍ය වාර්තා පවා පලවිය.

මොහු තම සියළු දේශපාලන කටයුතුවලින් ඉවත් වී විදෙස්ගත වීමට සූදානමින් සිටින අතර යුරෝපා රටක පුරවැසිකම හිමි ඔහුගේ සමීපතමයෙකු සහ තානාපති අංශ සබඳතා ඔස්සේ ඇති සබඳතා ඊට උපකාරී වෙමින් තිබේ.

මේ අතර තමන් පවුල පිටින් රට හැර යන බව මෙම ජවිපෙ ඉදිරිපෙල නායකයාගේ බිරිඳ හා දරුවන්ද සිය පාසැලේ මිතුරන්, සමීප හිතවතුන් සමඟ පවසමින් සිටිතැයිද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad