නවම් පුර පසලොස්වක පොහෝ දිනය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 22, 2016

නවම් පුර පසලොස්වක පොහෝ දිනය අදයි

නවම් පුර පසලොස්වක පොහෝ දිනය අද යි. ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසලොස්වක පොහොය මෙරට බෞද්ධයින් සැදැහැසිතින් සමරති.

බුදුරජාණන්වහන්සේ, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක ය.

එහිදී සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්, මුගලන් මහ රහතන් වහන්සේට ඍද්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සම්බුද්ධ සාශනයේ ප්‍රථම මහා සංඝ සම්මේලනය ද පැවැත්වූයේ අද වන් පොහොය දිනයකදී ය.

No comments:

Post a Comment

Post Bottom Ad